STF මෙහෙයුමකින් ගිනි අවි තොගයක් සොයා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) – පොලිස් විශේෂ කාර්ය බලකාය හෝමාගම, පිටිපන ප්‍රදේශයේ දී සිදු කළ විශේෂ මෙහෙයුමකින් ටී 56 වර්ගයේ ගිනි අවි 12 ක් සොයා ගෙන ඇත.

අද(29) පෙරවරුවේ සිදු කළ එම මෙහෙයුමේ දී අදාළ ගිනි අවි තොගයක් සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *