ඡන්ද පත්‍රිකා අනිද්දා කොමිසමට

(කොළඹ, ලංකාපුවත්) –මහමැතිවරණයට අදාළව මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා සියල්ල අනිද්දා දිනයේදී මැතිවරණ කොමිසම වෙත භාර දී අවසන් කරන බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පැවසුවාය.

මේ වන විට දිස්ත්‍රික්ක 18ක ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාර දී ඇති අතර, කොළඹ, කළුතර, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු තවදුරටත් සිදුකෙරෙන බව ඇය කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 − six =