විද්‍යුත් ක‍්‍රමයට ඉඩම් ලියාපදිංචිය කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – ඉඩම් වංචා වැළැක්වීම සඳහා විද්‍යුත් ක‍්‍රමයෙන් ලියාපදිංචිය කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිළධාරින්ට දැනුම් දෙයි.

වංචනික ඉඩම් ලියාපදිංචිය සහ ප‍්‍රමාදය හේතුවෙන් ජනතාව ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඉඩම් නිරවුල් කිරිමේ ආයතනය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ රෙජිස්ටර් ජෙනරල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ලියාපදිංචි වැඩසටහන් කඩිනම් කිරිම මූලික වේ.

කමිටුවක් ස්ථාපනය කර ඒ සදහා අවශ්‍ය කඩිනම් කි‍්‍රයාමාර්ග ගන්නා ලෙසටත් ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමකදීය. එම වැඩසටහන යටතේ ඔප්පුව සහ පත්ඉරුව පරිගණක ගත කිරිමට සැලසුම් කර තිබේ.

එමගින් ඔන්ලයින් ක‍්‍රමයට ඉඩම් තොරතුරු ලබාගැනීමේ හැකියාව ලැබෙනවා. වංචා වැළැක්වීම සදහා එම කි‍්‍රයාවලිය ඉවහල් වන බව නිලධාරින් සදහන් කළේය. ශි‍්‍ර ලංකා තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය සමග එක්ව අගෝස්තු මාසයේ සිට වැඩසටහන ජනගත කිරිම අපේක්ෂාවවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *