වේදිකා නාට්‍ය හා රංග ශාලා 15 වනදා සිට විවෘතයි

(කොළඹ, ලංකාපුවත්) – වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය හා වෙනත් ප්‍රසංග සඳහා රංග ශාලා ජූලි මස 15 වන දින සිට විවෘත කරනු ලබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

රංග ශාලාවන්හි ආසන ධාරිතාවයෙන් සියයට 50ක් සඳහා වන ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් පමණක් එක් දර්ශන වාරයකට සහභාගී කර වීමේ සීමාවට යටත්ව මෙම අවසරය ලබා දී ඇත.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *