කොරෝනා පාලනයට විශේෂඥයන් දහසක් පර්යේෂණවල

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සියලු දෙනාගේ වගකිමක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කළේය.

ජාත්‍යන්තර මට්ටමින් ඊට පුළුල් වැඩපිලිවෙලක් නිර්මාණය කිරිම මූලික වන්නේය. පරික්ෂණ කිරිම් , ශාරිරික දුරස්ථභව සහ මුහුුණු ආවරණ පැළදීම තනි පුද්ගල ක්‍රීයාවක් නොවේ. එය සාමූහික කාර්යක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එසේ නොවුණහොත් වයිරස ව්‍යාප්තිය තවත් බරපතල වීමේ අවධානමක් පවති. ලොව පුරා විද්‍යාඥයන් දහසක් පමණ වයිරස ව්‍යාප්තිය පාලනය සහ පර්යේෂණ සදහා එක්විය.

මේ සතිය තුළ එම වැඩපිලිවෙල කි‍්‍රයාත්මක බවයි සෞඛය සංවිධානය පවසයි. ලබන සතිය වන විට චීනයටද විශේෂ කණ්ඩායමක් යොමු කිරිමට ඔවුන් සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight − seven =