කොවිඩ් ආසාදිතයින් 07ක් ඊයේ හදුනා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) –තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් 07 දෙනෙකු හඳුනා ගැනිමත් සමග මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 2054 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (01) දිනය තුළ වාර්තා වූ රෝගීන් 07 දෙනාගෙන් සිව් දෙනෙකු බංග්ලාදේශයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එක්සත් රාජධානීයේ සිට පැමිණි පුද්ගලයෙකු සහ ඩුබායි හි සිට පැමිණි පුද්ගලයෙකු ද ඊයේ දිනයේ කොවිඩ් නයින්ටීන් රෝගීන් බවට හඳුනා ගෙන ඇත.

ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙකුට ද කොවිඩ් නයින්ටීන් රෝගය වැළඳී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 295 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 1748ක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 5 =