වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න අවසන් තීරණයක් ගෙන නෑ

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් මේ වනතෙක් අවසන් තීරණය ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(01) දෙමළ මාධ්‍යවේදීන් පිරිසක් සමඟ අරලියගහ මන්දිරයේ පැවැතී විශේෂ හමුවකට එක්වෙමිනි.

රටේ සංවර්ධනය සහ ජන ජීවිතය ගොඩනැංවීමට ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමේදී උතුරට සහ දකුණට කිසිදු වෙනසක් සිදු නොකරන බව මෙහිදී කියා සිටි අගමැතිවරයා උතුර දකුණ මෙන්ම රටේ සමස්ත ජනතාවගේ ආරක්ෂාව ද ආණ්ඩුව සතු වගකීමක් බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven − 8 =