ජනපති රුව මැතිවරණ ප්‍රචාරණයට භාවිත නොකරන්නැයි නියෝග

(කොළඹ, ලංකාපුවත්) –තම ජායාරූපය මැතිවරණ ප‍්‍රචාරණයට භාවිත නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහ මැතිවරණ අපේක්ෂකයන්ට නියෝග කරයි.

ආරක්ෂක සේවා, රාජ්‍ය, සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයන්ද දේශපාලන වැඩ නොකළ යුතු බව ජනාධිපතිතුමා පවසයි. අපේක්ෂකයන් ප‍්‍රචාරණ ව්‍යාපාරයේදී ජනපතිගේ ජායාරූපය යොදා ගන්නා බවටත් යුද හමුදා සහ රාජ්‍ය නිළධාරින් සම්බන්ධ කර ගන්නා බවටත් තොරතුරු ලැබී තිබේ.

ඒ පිලිබදව ජනාධිපති ලේකම්වරයා සියලු ආණ්ඩුකාරවරුන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු නිළධාරින්ටද ලිපියක් මගින් දැනුම් දී ඇත.

සියලු රාජ්‍ය සේවකයන් එම උපදෙස් පිලිපැදිය යුතු බවයි ලිපියෙන් දක්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *