මහ මැතිවරණය නිරීක්ෂණයට 5000ක පිරිසක්

(කොළඹ, ලංකාපුවත්) –මැතිවරණය නිරික්ෂණය සඳහා පන්දහසක පිරිසක් යොදවන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ භෙට්ටිආරච්චි මහතා සදහන් කළේය.

දිගු කාලීන නිරික්ෂකයන්ද ඒ අතර වේ. තැපැල් ජන්දය නිරික්ෂණයටද කණ්ඩායම් යොදවන බව ඔහු පැවසීය.

මැතිවරණ දිස්ත‍්‍රික්ක 22 ක් සදහා දේශපාලන පක්‍ෂ 40ක් සහ ස්වාධින කණ්ඩායම් 313 මගින් අපේක්‍ෂකයන් 7452 තරග වදියි.මැතිවරණයේදී සමානුපාතික නියෝජන ක‍්‍රමය දිස්ත‍්‍රික් මට්ටමින් මන්ත‍්‍රීවරුන් 196ක් තොරාගනු ලබන අතර ජාතික ලැයිස්තු මගින් මන්ත‍්‍රිවරුන් 29 දෙනෙකු තෝරාගැනීමට නියමිතය.

තැපැල් ඡන්ද නිරීක්ෂණය සදහා පැෆ්රල් සංවිධානය දේශපාලන සංවේදීභාවයක් සහිත සහ ඡන්ද ප‍්‍රමාණය සැලකිල්ලට ගෙන මධ්‍යස්ථාන 856 ක් තෝරා ගෙන ඇති අතර එම ඡන්ද මධ්‍යස්ථාන සදහා නිරීක්ෂකයින් යෙදවීමට සැලසුම් කර ඇත.

මැතිවරණ දිනය තුළ ස්ථානගත නිරීක්ෂකයින් 3000ක් යෙදවීමට අදාළ පුහුණුවීම් මේ වන විට ආරම්භ කර ඇති අතර එම පිරිස තෝරාගත් මධ්‍යස්ථාන සඳහා යොදවනු ඇත. ඡන්ද මධ්‍යස්ථානයක් අතරතුර තත්ත්වය නිරීක්ෂණය සඳහා ජංගම නිරීක්ෂණ කණ්ඩායම් 200 ක් යෙදවීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා නිරික්ෂකයින් 1000ක් යෙදවෙනු ඇත.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන යෙදවීමට අපේක්ෂා කරන අතර සමස්ථ නිරික්ෂණ ක්‍රියාවලිය සඳහා 5000ට වැඩි පිරිසක් යෙදවන බව රෝහණ භෙට්ටිආරච්චි මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *