වසර 8කදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 61 දෙනෙකුට මරණ දඩුවම

(කොළඹ, ලංකාපුවත්) –මත්ද්‍රව්‍ය ජාවාරම වැලැක්වීම සඳහා පොලිසිය විශේෂ වැටලීම් සිදුකළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

පසුගිය වසර පහක කාලය තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 4338 ක් අත්අඩංගුවට ගත් බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

2013 සිට මේ දක්වා පුද්ගලයන් 61 දෙනෙකුට මරණ දඩුවම නියම වී තිබේ.

ජාවාරම වැළැක්වීම සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විශේෂ වැඩපිලිවෙල ගණනාවක් කි‍්‍රයාත්මක කළ බවයි නියොජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *