පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නව අධ්‍යක්ෂවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා මාරුකර යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල පත්කිරීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

එම කාර්යංශයේ අධ්‍යක්ෂධුරයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංජුල සෙනරත් මහතා ස්ථාන මාරුකිරීම හේතුවෙන් මෙම පත් කිරීම සිදුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *