ඉන්දියාවේ කොරෝනා මරණ 18,000 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හය ලක්ෂ විසිහත් දහසකට අධික වන අතර, මරණ සංඛ්‍යාව 18,000 ඉක්මවා ගොස් ඇත.

මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂයකට වැඩියෙන් වාර්තා වන රටවල් සංඛ්‍යාව 20කි. මරණ සංඛ්‍යාව විසි පන් දහස ඉක්මවූ රටවල් ගණන 07ක් වන අතර මරණ සංඛ්‍යාව දහසකට අධික රටවල් සංඛ්‍යාව 37ක් වේ.

එසේම සියලුම කොරෝනා රෝගීන් සුවය ලැබූ රටවල් 24ක් වාර්තා වෙයි. එසේම කොරෝනා කිසිඳු මරණයක් වාර්තා නොවූ රටවල් සංඛ්‍යාව 30කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *