උසස් පොලිස් නිලධාරීන් 20කට මාරුවීම්

(කොළඹ, ලංකාපුවත්) – උසස් පොලිස් නිලධාරීන් 20 දෙනෙකු වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ.

පොලිස් මූලස්ථානය පැවසුවේ සේවයේ අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇති බවයි. ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව මතය.

ස්ථාන මාරුවීම් ලැබූවන් අතරට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු සහ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනෙකු අයත්ය.

ඊට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 05 දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු ස්ථාන මාරු ලැබූවන් අතර සිටින බව පොලිස් මූලස්ථානය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *