නැගෙනහිර ආණ්ඩුකාරවරිය වාලච්චේන කඩදාසි කම්හලේ නිරීක්ෂණ චාරිකාවක

(කොළඹ, ලංකාපුවත්) – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පසුගියදා(01) මඩකලපුව, වාලච්චේන කඩදාසි කම්හලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූවාය.

එහිදි ආණ්ඩුකාරවරිය දැනට වැඩ පටන්ගෙන ඇති නිෂ්පාදන ක්‍රියාවලිය ද නිරික්ෂණය කළ අතර මෙය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදෙන බවද කීවාය.

ඊට අමතරව මෙහි තාක්ෂණික සහාය නැවත ලබාගැනීම සදහා කම්හල පරිත්‍යාග කළ ජර්මනිය ඇතුළු රටවල් සමග සාකච්ඡා කිරිම කෙරෙහිද ආණ්ඩුකාරවරියගේ අවධානය යොමු වූවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *