මහේල ජයවර්ධනට වෙනත් දිනයක කැදවීමක්

(කොළඹ, ලංකාපුවත්) – අද (03) ප්‍රකාශයක් ලබා දීමට නොපැමිණෙන ලෙස ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතාට දන්වා තිබේ.

ඒ අනුව මහේල ජයවර්ධනට ඉදිරියේ දී දිනයක් ලබා දෙන බව එම ඒකකය සඳහන් කර ඇත.

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේ දී තරඟ පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට මහේල ජයවර්ධන කැඳවන බව ඊයේ (02) ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *