මහේල ජයවර්ධන පැමිණීමට හේතුව කියයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණ යළි පිටව ගොස් තිබේ.

මහේල ජයවර්ධන කැඳවන බව ඊයේ (02) ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය සදහන් කර තිබුණද වෙනත් කටයුත්තක් යෙදී තිබීම හේතුවෙන් ඉදිරි දිනක ඔහු කැඳවන බව විමර්ශන ඒකකය පසුව ප්‍රකාශ කර තිබුනි.

එහෙත් මහේල ජයවර්ධන පවසන්නේ, අද දිනයේ නොපැමිණෙන ලෙස ඊයේ රාත්‍රියේ තමා දැනුවත් කර තිබූණද ඇතැම් මාධ්‍ය තමාගේ පෞද්ගලික හේතූන් මත අද නොපැමිණෙන ලෙස විශේෂ විමර්ශන ඒකකයට දැන්වූ බවට පුවත් පළ කිරීම නිසා විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණි බවයි.

ක්‍රීඩාවට ආදරය කරන පුද්ගලයෙක් ලෙස අදාල පරීක්ෂණ සදහා තමා වගකීමෙන් යුතුව කටයුතු කරන බවත් මහේල ජයවර්ධන මාධ්‍ය වෙත පැවසීය.

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේ දී තරඟ පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශන විශේෂ ඒකකය මේ වන විට අරවින්ද ද සිල්වා, උපුල් තරංග සහ කුමාර් සංගක්කාර යන අයගෙන් ප්‍රකාශ සටහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *