ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සහාය දක්වමින් UNICEF වෙත ඩොලර් 600,000ක්

(කොළඹ, ලංකාපුවත්) – අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කොවිඩ් 19 සඳහා අධ්‍යාපන අංශයේ සිදුකරන ඉතා වැදගත් ප්‍රතිචාර සඳහා අරමුදල් සහ සහයෝගය ලබා දෙමින් කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය ඇමෙරිකානු ඩොලර් 600,000 ක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 111.4ක්) ප්‍රදානය කෙරෙන විධිමත් ගිවිසුමක් එම ඒජන්සිය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල අතර අත්සන් කරන ලදී.

පියවර කිහිපයක් යටතේ යලි ඇරඹීමට සැලසුම්කර ඇති පාසල් කටයුතු වලට සමගාමීව පාසල් ආරක‍ෂිතව ක්‍රියාත්මක වීමට සහ සියලූ දරුවන්ගේ ඉගෙනුම් යථාතත්වයට ගෙන ඒමට ඉඩ සැලෙසෙන ක්‍රියාකාරකම් සඳහා ඇමෙරිකානු ඩොලර් 600,000 ක මෙම ප්‍රදානය උපකාරී වනු ඇත. මෙම කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සමග සහයෝගයෙන් සිදු කරනු ලබේ.

විශේෂයෙන්ම ආසාදන වැලැක්වීමේ සහ පාලනය කිරීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම සහ, පාසල් වල අත් සේදීමේ පුරුද්ද ප්‍රවර්ධනය කිරීම එයට ඇතුලත් වන අතර, පාසල් නැවත සම්පූර්ණයෙන්ම විවෘත වනතෙක් නිවෙස් වල රැඳී සිටින දරුවන් සඳහා ඵලදායී සහ අඛන්ඩ ඉගෙනුමක් සහතික කිරීම සඳහා විකල්ප, නව්‍යකරණ ඉගෙනුම් ක්‍රමවේදයන් මගින් ඉගෙනීම ප්‍රතිසාධනය කිරීම සඳහා එමගින් අනුග්‍රහය ලබා දෙනු ඇත.

සිසුන්, දෙමාපියන් සහ රැකබලාගන්නන් ඉලක්ක කර ගනිමින් අවදානම සම්බන්ධයෙන් සිදුකරන සන්නිවේදනය, පාසල්වල නිසි සනීපාරක‍ෂාව ප්‍රවර්ධනය කිරීම, තොරතුරු, අධ්‍යාපන සහ සන්නිවේදන සම්පත් සහ උපකරණ සැපයීම සහ පාසල් ආරක‍ෂිතව මෙහෙයවීමේ මාර්ගෝපදේශ මුද්‍රණය කර බෙදා හැරීම, වයසට සහ උසට සරිලන අත් සේදීමේ පහසුකම් ස්ථාපිත කිරීම සහ සනීපාරක‍්ෂාව සහ ආසාදන වැලැක්වීමේ ක්‍රමවේදයන් සඳහා අවශ්‍ය සැපයුම් ලබා ගැනීම සහතික කිරීම හරහා ආසාදන වැලැක්වීමේ සහ පාලනය කිරීමේ ක්‍රමවේදයන් සහ පාසල් වල අත් සේදීමේ පුරුද්ද ප්‍රවර්ධනය කිරීම ක්‍රියාත්මක කරනු ඇත.

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වසංගත තත්වය ආරම්භයේ සිටම, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල අධ්‍යාපන අමාත්‍යාංශය, අනෙකුත් රජයේ ආයතන සහ සංවර්ධන හවුල්කරුවන් සමග සමීපව කටයුතු කරමින් අධ්‍යාපන අංශයේ ප්‍රතිචාර සැලැස්ම සකස් කිරීමට සහාය දැක්වීම, කඩිනම් අධ්‍යාපන ඇගයීමක් සිදුකිරීම ඇතුළුව කොවිඩ්-19 සඳහා වූ රජයේ ප්‍රතිචාරයන්ට සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසාධන කටයුතු වලට සහාය දක්වන ලදී. තවද, ආරක‍්ෂිත පාසල් මෙහෙයුම්/ ආසාදන වැලැක්වීමේ සහ පාලනය කිරීමේ මාර්ගෝපදේශ සකස් කිරීම සඳහා සහ දිවයින පුරා 01වන සහ 02වන ශ්‍රේණියේ සිසුන් වෙත බෙදා හරින ලද 01වන සහ 02වන ශ්‍රේණියේ ඉගෙනුම් සම්පත් සහ උපකරණ සකස් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල අධ්‍යාපන අමාත්‍යාංශයට සහයෝගය ලබා දෙන ලදී. පාසල් වලට අත් සේදුම් ස්ථාන සහ ආසාදන වැලැක්වීමේ සහ පාලනය කිරීමේ සැපයුම් ලබාදීම සඳහාද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල අනුග්‍රහය දක්වනු ලැබේ.

කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියෙන් ලැඛෙන සහාය දිවයින පුරා ළමුන් සහ ප්‍රජාවන් විසින් ප්‍රතිලාභ ලබා දෙමින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සමග දිගුකාලීනව පවත්නා සම්බන්ධතාවයක නවතම අදියර වන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *