කිම් කාර්ඩාෂියන්ගේ සැමියා අමෙරිකානු ජනපති සටනට

(කොළඹ, ලංකාපුවත්) – දැනට අමෙරිකාවේ එළඹෙන ජනපතිවරණයට ඉදිරිපත‍් වන ප්‍රධාන අපේක්ෂකයින් දෙන්නා වන්නේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බිඩෙන්ය.

පසුගිය 04 වනදා අමෙරිකානු නිදහස් දින සැමරුමට සමගාමීව පුදුමය දනවන පුවතක් ලෙස එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා තමා තරඟ කරන බව කැනී වෙස්ට් නිවේදනය කළේය

ඔහු විවාහ වී සිටින රියැලිටි ෂෝ කීර්තිය දිනූ කිම් කාර්ඩාෂියන් එක්සත් ජනපදයේ ජනාධිපති ආර්යාව බවට පත්වීම වෙනුවෙන් ඇය අරඹන ප්‍රචාරක ව්‍යාපාරය ප්‍රබල එකක් වනු ඇතැයි ද එරට ආරංචි පළව තිබෙනවා.

වෙස්ට්ගේ නිවේදනයට ටෙස්ලා සහ ස්පේස්එක්ස් නිර්මාතෘ එලොන් මස්ක් සහාය දෙමින්, “ඔබට මගේ පූර්ණ සහයෝගය ඇත!” යයි ට්විටර් පණිවිඩ ඔස්සේ නිවේදන ද නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine + eight =