දකුණු අප්‍රිකාවේ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ඩි කොක්

(කොළඹ, ලංකාපුවත්) –දකුණු අප්‍රිකාවේ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස දෙවැනි වරටත් සම්මාන දිනා ගැනීමට කඩුලු රකින/ පිතිකරු කුවින්ටන් ඩි කොක් සමත් වේ.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සංවිධාන කළ මේ සම්මාන උලෙළේදී වසරේ ටෙස්ට් ක්‍රීඩකයාට හිමි සම්මානය ද 27 හැවිරිදි ඩි කොක් සතු විය.

මෙලෙස වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දෙවරක් දිනා ගත් 6 වැනි ක්‍රීඩකයා ලෙස ඩි කොක් වාර්තා අතරට එක් විය. මින් පෙර මකායා නිට්නි, කගීසෝ රබාඩා, හෂීම් අම්ලා, ඒ.බී. ඩිවිලියර්ස් සහ ජැක් කාලිස් ද මේ සම්මානය දෙවරක් බැගින් හිමිකර ගෙන තිබිණි.

මේ සම්මාන උලෙළේදී වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව වූ ලෝරා වොල්වාර්ඩ්, වසරේ එක්දින ක්‍රීඩිකාව ලෙසද සම්මාන දිනා ගත්තාය.

24 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක ලුන්ගි න්ගිඩි ද මෙහිදී සම්මාන ද්විත්වයක් දිනා ගත්තේ වසරේ හොඳම එක්දින ක්‍රීඩකයා සහ වසරේ විස්සයි20 ක්‍රීඩකයා ලෙසිනි. පසුගිය වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ඇන්රිච් නොර්ට්ජ් වසරේ නැඟී එන ක්‍රීඩකයා ලෙස තේරී පත් විය.

වසරේ විස්සයි20 ක්‍රීඩිකාව ලෙස ෂබ්නිම් ඉස්මයිල් ද, නොන්කුලුලෙකෝ බලබා වසරේ නැඟී එන ක්‍රීඩිකාව ලෙසද සම්මාන දිනා ගත්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *