පර්පචුවල් ට්‍රෙෂරීස් අත්හිටුවමින් පැනවූ තහනම දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවමින් පැනවූ තහනම 2020 ජුලි 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි තවත්මාස 06 ක් දක්වා දීර්ඝ කෙරේ.

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පක් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *