මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 1000 කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ දක්වා පැමිණිලි 1255 ක් ලැබී ඇත.

ප්‍රචණ්ඩක්‍රියා, රාජ්‍ය දේපල පරිහරණය, නීති විරෝධී ලෙස අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් අදාළ පැමිණිලි ලැබී තිබේ.

මේ අතර මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අපේක්ෂකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *