සුවය ලැබු සමස්තය 1,917ක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අද (06) දින උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 14 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 1,917ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ(05) මෙරටින් තවත් කොවිඩ් 19 ආසාදිතයින් දෙදෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2076 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව ඊයේ දිනයේ කොවිඩ් ආසාදිත බවට හඳුනා ගනු ලැබුවේ, බහරේන් සිට මෙරට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකි.

එසේම කොරෝනා ආසාදිතයින් ගණන 148 ක් රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *