කොවිඩ් අරමුදලට ලක්ෂ 02ක් පරිත්‍යාග කළ විශ්‍රාමික ගුරු මව

(කොළඹ, ලංකාපුවත්) – පුත්තලම, කාක්කාපල්ලිය, මනක්කුලම පදිංචි 84 හැවිරිදි එම්.ඒ.එච්.පී මාරසිංහ විශ්‍රාමික ගුරු මව රුපියල් ලක්ෂ 02 ක මුදලක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දී තිබේ.

පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහනය තහවුරු කරනු පිණිස ඊයේ (06) පුත්තලම දිස්ත්‍රික්කයේ චාරිකාවේ නිරතවෙමින් මාදප්පේ තනිවැල්ලේ ප්‍රදේශයේ පැවති ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා වෙත මේ පරිත්‍යාගය භාර දී ඇත.

ඇය රුපියල් පන්දහසේ නෝට්ටුවලින් සමන්විත රුපියල් ලක්ෂ 02ක මුදල ඔතා දුන් කොළයේ මෙලෙස සටහන් කර තිබිණ.

ජනාධිපතිතුමනි,

“නීතිය, යුක්තිය, ධර්මය රකින රජයක් – ස්වංයපෝෂිත රටක් අපට දෙන්න”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − 13 =