බ්‍රසීල ජනපති කෝවිඩ් පරීක්ෂාවට

(කොළඹ, ලංකාපුවත්) –බ්‍රසීල ජනාධිපති ජායීර් බොල්සොනාරෝ කොරෝනා වෛරස් පරීක්ෂාවට භාජනය වී ඇත.

කෝවිඩ් නයින්ටීන් ආසාදිත වූ බවට රෝග ලක්ෂණ මතුවීමත් සමග බ්‍රසීල ජනාධිපතිවරයා නැවත වතාවක් මෙම පරීක්ෂණයට භාජනය වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි. කෙසේ නමුත් පරීක්ෂණ ප්‍රතිඵල පිළිබදව මේ වනතෙක් නිල තොරතුරක් ඉදිරිපත් වී නොමැත.

මේ අතර ජනාධිපතිවරයාගේ ආධාරකරුවන්ට පවසා ඇත්තේ එක්ස් කිරණ පරීක්‍ෂණයකින් පසු ඔහුගේ පෙනහළු “පිරිසිදු” බවයි. බොල්සානාරෝ මීට පෙර ද කොරෝනා වෛරස පරික්‍ෂාවක් සිදු කර ගෙන තිබුනි.

කෝවිඩ් වසංගතය හේතුවෙන් ප්‍රබල බලපෑමකට ලක් වූ අමෙරිකාවට පසු බ්‍රසීලය පසුවන්නේ දෙවන ස්ථානයේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + eleven =