මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,077ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – මෙරටදී හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,077ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් 1,917 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් අතරින් මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ 149 දෙනෙකු පමණයි.

කොරෝනා බවට සැක සහිතව 43 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි. කොරෝනා ආසාදනය වී සිටි නාවික හමුදාවේ 885 දෙනෙකු ද පූර්ණ සුවය ලබා තිබේ. නාවික හමුදා සාමාජිකයින් 19 දෙනෙකු පමණක් රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × three =