ජපානයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 1,360ක ප්‍රදානයක්

(කොළඹ, ලංකාපුවත්) – ජපානය විසින් කොවිඩ් – 19 ව්‍යසනය ආරම්භවීමට පෙර රටතුළ පැවැති තත්ත්වයට රටේ දෛනික කටයුතු යථාවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉහළ නැංවීමට ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 1360ක ප්‍රදානයක් ලබාදී තිබේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 ව්‍යසනය වැළැක්වීමේ ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම සඳහා MRI Scanner,CT Scanner,Bed Side X-Ray Systems,Central Monitors,Bedside Monitors and Defibrillators යනාදී නවීන වෛද්‍ය උපකරණ සම්පාදනය වෙනුවෙන් ජපාන ව්‍යාපෘති නොවන ප්‍රදාන ආධාර ක්‍රමය යටතේ ජපන් යෙන් මිලියන 800 ක (දළ වශයෙන් රුපියල් මිලියන 1,360) ආධාර ලබාදීමට ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත, ජපාන රජය එකඟතාවය පලකර ඇත.

අද (08) දින මෙම ප්‍රදානයට අදාළ හුවමාරු පත්‍ර මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේදී අත්සන් කළ අතර, ඒ සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඒස්.ආර්. ආටිගල සහ ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තනාපති සුගියමා අකිරා විසින් අත්සන් තබන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *