දෙනවක ගඟෙන් මළ සිරුරු දෙකක් හමුවේ

(කොළඹ, ලංකාපුවත්) – පැල්මඩුල්ල දෙනවක ගඟේ තිබී පිරිමි මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

ප්‍රදේශවැසියෙකු මෙම මළ සිරුරු දැක පොලිසියට දැනුම්දී ඇති අතර , මෙම මළ සිරුරු දෙකෙහිම කැපුම් තුවාල තිබෙන බව සඳහන්ය. මෘතශරීරයක් සම්බන්ධයෙන් මෙතෙක් අනන්‍යතාවය තහවුරු කර ගෙන නොමැති අතර පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්‍ෂණයක් පැවැත්වීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 2 =