බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) –විවිධ පාර්ශවවල ප්‍රාණ ඇපකරුවන් නොකර නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා පූර්ණ බලයක් ලබාදෙන ලෙසට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.

අද (08) පෙරවරුවේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බැසිල් රාජපක්‍ෂ මහතා මේ බව පැවසීය.

මේ අතර ජූනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 950 ක අපනයන ප්‍රමාණයක් සිදු කර ඇති අතර ඇමරිකානු ඩොලර් මිලියන 250ක් වූ අප්‍රේල් මාසයේ අපනයන ප්‍රමාණය හා සැසඳීමේදී එය රට ලැබූ විශාල ජයග්‍රහණයක් බවත් ඔහු සඳහන් කළේය.

එසේම මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයින් සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *