සියලු බන්ධනාගාර අමුත්තන්ට වැසේ

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනේ ඇති සියලූම බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

ඒ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු කර ගැනීමත් සමග ය.

වැලිකඩ බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම දින නියමයක් නොමැතිව ඊයේ (07) දිනයේ දීම තාවකාලිකව නවතා දැමුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *