බෝවන රෝග දෙකක් තුරන් කල පළමු කලාපීය රටවල් දෙක අතරට ශ්‍රී ලංකාව

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ මාලදිවයින රුබෙල්ලා සහ සරම්ප රෝග තුරන් කල දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ පළමු රටවල් දෙක බවට පත්වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය එය නිල වශයෙන් නිවේදනය කර ඇත.

මෙම රෝග දෙක තුරන් කිරීමට ඉලක්ක ගත කර තිබුණේ 2023 වසරේදී වන අතර ඒ අනුව ශ්‍රී ලංකාව සහ මාලදිවයින අත්කරගෙන ඇත්තේ විශිෂ්ඨ ජයග්‍රහණයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

මාලදිවයිනෙන් අවසාන වරට සරම්ප රෝගියෙකු හමුවී ඇත්තේ 2009 වර්ෂයේ දී වන අතර එරටින් රුබෙල්ලා ආසාධිතයෙකු අවසාන වරට වාර්තා වී ඇත්තේ 2015 වසරේදීයෙ.

එසේම ශ්‍රී ලංකාවෙන් අවසාන වරට සරම්ප රෝගියෙකු 2016 මැයි මාසයේදීත් රුබෙල්ලා ආසාධිතයෙකු 2017 දීත් හමුවී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය පූනම් කේත්‍රපාල් සිං මහතා සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුලු වගකිව යුතු සියලු පාර්ශව මෙම ජයග්‍රහණවල කොටස්කරුවන් බවයි. ඔවුන්ගේ ජයග්‍රහණයට සුබ පැතුම් එක් කරන බවද සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *