සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 1,967ක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,967 දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. ඒ තවත් රෝගීන් 12දෙනෙකු සුව ලැබීමත් සමගින් ය.

එසේම තවත් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු ඊයේ(07) දිනය තුළ වාර්තාවීමත් සමඟ මෙරටින් හමු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2081 දක්වා ඉහළ ගොස් ඇත.

ඉතියෝපියාවේ සහ සවුදි අරාබියේ සිට පැමිණ නිරෝධායනයට යොමු කර සිටි පුද්ගලයින් දෙදෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෙකු මෙන්ම නාවික හමුදා සාමාජිකයෙකු ඊයේ දිනයේ කෝවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගනු ලැබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *