නීතිවිරෝධී මුල්‍ය ලීසිං ආයතන හදුනාගැනීම සඳහා දිපව්‍යප්ත මෙහෙයුම් අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – නිතිවිරෝධී මුල්‍ය ලීසිං ආයතන හදුනාගැනීම සදහා දිපව්‍යප්ත මෙහෙයුම් ආරම්භ කර ඇති බව ශ‍්‍රී ලංකා මහ බැංකුව ප‍්‍රකාශ කරයි.

ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුවෙන්ද සහාය ලබාගෙන තිබෙනවා. මීට සමගාමීව නීතිවිරෝධී මූල්‍ය සහ ලීසිං ආයතන සමග ගණුදෙනු කිරීමේදී ඇතිවන අහිතකර ප‍්‍රතිඑල පිලිබදවද ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් ද ආරම්භ කර ඇති බව මහ බැංකුව සදහන් කළේය.

මෙවැනි ආයතන පිලිබද තොරතුරු 0112-477500 යන දුරකථන අංකයට ලබාදෙන ලෙසයි මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 3 =