සොල් නගරාධිපතිගේ මළ සිරුර හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – අතුරුදන්ව සිටි දකුණු කොරියාවේ අගනුවරවන සොල් හි නගරාධිපතිවරයාගේ මළ සිරුර හමුවූ බව කොරියානු පොලිසිය නිවේදනය කරයි.

ඊයේ (09) දිනයේදී නගරාධිපති පාර්ක් වොන් සූන් අතුරුදන් වී ඇති බව කොරියානු මාධ්‍ය සදහන් කර තිබුනි.

ඔහු නිවසින් පිටවීමට ප්‍රථම තම දියණිය වෙත පණිවිඩයක් තබා ඇති බව පොලිසිය සදහන් කරයි.

ඔහු අවසන්වරට ජංගම දුරකතනය භාවිතා කළ ස්ථානය ආසන්නයෙන් නගරාධිපතිවරයාගේ මෘත දේහය හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව උතුරු සෝල් හි වනාන්තර කඳුකර ප්‍රදේශයක තිබී මෘත දේහය හමුව තිබේ.

කෙසේ වුවද ඔහුගේ මරණයට හේතුව මෙතෙක් වාර්තා වී නොමැත.

නගරාධිපතිවරයා අතුරුදන් වීමට පැය කිහිපයකට පෙර ඔහු යටතේ සේවය කළ සේවිකාවක් විසින් නගරාධිපතිවරයාට විරුද්ධව ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද කර තිබුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight − two =