පුස්කොළ පොත් සංරක්‍ෂණ වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) – විධිමත් රාජ්‍ය මැදිහත්වීමක් තුළ පුස්කොළ පොත් සංරක්‍ෂණය, ලේඛනගත කිරීම සහ අංකිතකරණය (Digitization) සදහා බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය එක්ව විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්. කේ. බන්දුල හරිස්චන්ද්‍ර මහතා සදහන් කර සිටියේ මෙහිදී කිසිදු පුස්කොළ පොතක් රජයේ භාරයට නොගන්නා බවයි. ඒවා රටින් පිටවීම වැළැක්වීම සහ භෞතික හායනය වළක්වා අනාගතය උදෙසා සංරක්‍ෂණය කිරීම පමණක් සිදු කරනු ලැබේ.

වසර ගණනාවක් පැරණි මෙම ඓතිහාසික ලේඛන කිසියම් වැඩපිළිවෙලක් යටතේ ආරක්‍ෂා නොවීම හේතුවෙන් භෞතික හායනය සහ විවිධ මානව ක්‍රියාකාරකම් විසා අනාගත පරම්පරාවට අහිමි වීමේ තර්ජනයක් මතුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *