මෙරටින් තවත් ආසාදිතයින් 196 ක් හඳුනා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) – කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 196 දෙනෙකු හමු වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එහි ඉතිරි රැඳවියන් සඳහා ඊයේ (09) දිනයේ සිදුකළ පීසීආර් පරීක්ෂණවල දී මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි.

ඊයේ දිනයේ හඳුනාගත් 56 දෙනා සමග අදාළ මධ්‍යස්ථානයෙන් මේ වනවිට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 252 දෙනෙකු හඳුනාගෙන තිබේ.

අදාළ පීසීආර් පරීක්‍ෂණ මේවන විටත් සිදු කෙරෙමින් පවතින අතර ඒ අනුව මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානයේ තවදුරටත් ආසාදිතයන් වාර්තා වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *