(කොළඹ, ලංකාපුවත්) – අද වන විට ලොව පුරා රටවල්වලින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි විසිතුන් ලක්ෂයකට අධිකයි.
වසංගතයෙන් ලොව පුරා පුද්ගලයන් පන්ලක්ෂ පනස් හයදහසකට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මේ අතර බොලිවියාවේ අන්තර්වාර ජනාධිපතිනියටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.
අමෙරිකාවෙන් වාර්තාවන දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ දමමින් ඊයේ (09) එරටින් ආසාදිතයන් හැට එක්දහස් හැට හතක් හඳුනාගෙන තිබුණි. ඒ සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3,219,999ක් දක්වා වැඩි වී ඇත.
අමෙරිකාවෙන් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 135,822 කි.