සිංගප්පූරු මහ මැතිවරණය ආරම්භ වෙයි

(කොළඹ, ලංකාපුවත්) – සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සිංගප්පූරු මහ මැතිවරණය අද (10) ආරම්භ වී තිබේ.

ඒ අනුව මිලියන 2.65 ක් වන සිංගප්පූරු ඡන්ද දායකයන් මුව ආවරණ සහ අත්වැසුම් පැළඳ ඡන්දය සලකුණු කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔවුන්ට විනාඩි 5 ක කාලක් තුළ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී ඇති අතර, ස්වයං පරීක්ෂාවට ලක් කෙරෙන හැඳුනුම්පත් ලබාදී තිබේ.

සිංගප්පූරුව ආසියා-පැසිෆික් කලාපයේ දරුණු ලෙස කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත් වූ අතර ආසාදිතයන් 45,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා විය.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දකුණු කොරියාව අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූ අතර සර්බියාව ජුනි මස අගදී මහ මැතිවරණය පවත්වන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *