අංගොඩ ලොක්කාගේ සමීපතමයන් දෙදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – අංගොඩ ලොක්කාගේ සමීපතමයන් දෙදෙනෙකු අද(13) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

මුල්ලේරියාව උඩුමුල්ල ප්‍රදේශයේ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 5 ක් ද සමඟින් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අදාළ වැටලීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 හා 30 වයස්වල පසුවන් මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මින් එක් සැකකරුවෙකු පසු ගිය වසරේ අගෝස්තු මාසයේදී හංවැල්ල ප්‍රදේශයේ පස් ව්‍යාපාරිකයෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව පොලිසිය පවසයි.

දෙවන සැකකරු 2008 වසරේ පෙතියාගොඩ ප්‍රදේශයේදී ගිනි අවි කේරල ගංජා සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකි. බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *