කුමන තත්ත්වයක් පැවැතියත් මැතිවරණය පවත්වනවා

(කොළඹ, ලංකාපුවත්) –කුමන තත්ත්වයක් පැවැතියත් මැතිවරණය පවත්වන බවත්, ලෝකය කැරකීම නතර වුව හොත් පමණක් මැතිවරණය නොපැවැත්වෙන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ හැර පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වන දිනයෙහි වෙනසක් නැතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය. අගෝස්තු 05 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමිසම මෙන්ම අදාළ නිලධාරින් සූදානමින් සිටින බවත් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබාදි ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මැතිවරණය පැවැත්විම සියලු කටයුතු සුදානම් බවත් හෙතෙම පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve + twenty =