හෙට සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම තාවකාලිකව නතර කරයි

(කොළඹ, ලංකාපුවත්) –විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම හෙට (14) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේය.

නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩකඩ සීමාසහිත වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් නව කොවිඩ් නයින්ටීන් ආසාදිත පොකුරක් හමුවීමත් සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × two =