නිරෝධායනයවන පුද්ගලයින් හට ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) – නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වැඩපිළිවෙළක් සකසන බව ජාතික මැතිවරණ කොමිසන් සභාව සදහන් කරයි.

ඒ මඟින් ස්වයං නිරෝධායනය වන පුද්ගලයින් හටද ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කරන බවද සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඒ අනුව අගෝස්තු මස 05වනදා සවස 04.00 සිට 05.00 දක්වා නිරෝධායනය වන පුද්ගලයින් හට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *