නෙල්සන් මැන්ඩෙලාගේ දියණිය මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – දකුණු අප්‍රිකානු විමුක්ති සටනේ වීරයා ලෙසින් සැලකෙන හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ, දියණිය වන සින්ඩ්සි මැන්ඩෙලා ජීවිතක්ෂයට පත්ව ඇත.

අසනීප තත්ත්වයක් මත රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියයන විට ඇය 59 හැවිරිදි වියේ පසුවිය. 2015 සිට දකුණු අප්‍රිකාවේ තානාපති ලෙස සේවය කරන සින්ඩ්සි මැන්ඩෙලා ඉරිදා සවස ජොහැන්නස්බර්ග්හි රෝහලකදී මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

හිටපු ජනාධිපති මැන්ඩෙලාට දරුවන් හයදෙනෙකු සිටි අතර සින්ඩ්සි ඔහුගේ දෙවැනි දියණියයි.

සින්ඩ්සි මැන්ඩෙලා ජීවත් වන්නේ ඇගේ සැමියා සහ දරුවන් සිව්දෙනා සමඟය. සින්ඩ්සිගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් තවමත් දැනුම්දීමක් කර නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *