ස්වර්ණමහල් මූල්‍ය සමාගමේ සහ ETI හි ව්‍යාපාරික කටයුතු අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී සහ ETI ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතනවල ව්‍යාපාරික කටයුතු අද (13) සිට අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මෙම තීරණය පසුගියදා පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී ගෙන ඇත.

2011 වසරේ සිට පැවති විවිධ අක්‍රමිකතා හේතුවෙන් එම ආයතන දෙක මේ වන විට බංකොලොත්භාවයට පත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *