Oracle Cloud තාක්ෂණය සමඟ වේගවත් නව නිෂ්පාදන හඳුන්වා දීමට HNB ඇෂුවරන්ස් සැරසෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ ජීවිත රක්ෂණ සමාගමක් වන HNB ඇෂුවරන්ස් පීඑල්සී (HNBA) සිය ව්‍යාපාරික ක‍්‍රියාවලීන් සරල කිරීම හා විධිමත් කිරීම සඳහා මෙන්ම මූල්‍ය මෙහෙයුම් හි විනිවිදභාවය ඉහළ නැංවීම සහ වඩා හොඳ පාරිභෝගික සේවාවක් තම රක්ෂණ ඔප්පුහිමියන්ට ලබා දීමේ මෙහෙවරට සහාය වීම සඳහා Oracle Cloud Enterprise Resource Planning (ERP) මෘදුකාංගය සමඟ එක් වී ඇත. සති හතක් වැනි කෙටි කාලයක් තුළ මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කර තිබීම විශේෂත්වයකි.

HNB ඇෂුවරන්ස් තම පරිශ‍්‍රයේ සිට ක‍්‍රියාත්මක වන ERP පද්ධතියක සිට ක්ලවුඞ් විසඳුම (cloud solution) වෙත මාරු වෙන ලද්දේ වෙළෙඳපොළට වේගවත් හා කාර්යක්ෂම විසඳුම් ලබා දීම සඳහා නව තාක්ෂණයෙන් එහි ව්‍යාපාරික ක‍්‍රියාවලීන් විධිමත් කිරීම සඳහා Oracle Cloud ERP සමඟින්, ජීවිත රක්ෂණ සැපයුම්කරුට තම පාරිභෝගිකයින්ට අඩු වියදමකින්, වේගයෙන් හා කාර්යක්ෂමව සේවය කිරීමට හැකි වන අතර එමඟින් රක්ෂණ නිෂ්පාදන සමූහය වර්ධනය කිරීමට අවස්ථාවක් ලැබේx මෙය සමාගමට අන්තර්ජාතික මූල්‍ය වාර්තාකරණ ප‍්‍රමිති 17 ^International Financial Reporting Standards 17 (IFRS) වැනි නියාමන අවශ්‍යතාවන්ට අනුකූලව කටයුතු කිරීමට ද උපකාර වනු ඇත.

‘‘ඔරකල් සහ එය ඉදිරිපත් කළ විසඳුම්වලට ස්තූතිවන්ත වෙන්න සමාගමට එහි ක‍්‍රියාවලීන් විධිමත් කිරීමට සහ ක‍්‍රියාවලීන් හි කාර්යක්ෂමතාව ඉහල නැංවීමට හැකි වී ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස අපට නිරාවරණය වන ව්‍යාපාරික අවදානම් පිළිබඳව හොඳ දැක්මක් සහ දැන් අපට අපගේ ව්‍යාපාරය තුළ වඩා හොඳ විනිවිදභාවයක් තිබේ. එම කරුණු දෙකම අපගේ සාර්ථකත්වය සඳහා ඉතා වැදගත් සාදක දෙකක්.’’ යනුවෙන් HNB ඇෂුවරන්ස් සහ එහි පූර්ණ අනුබද්ධිත HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඞ් (HNBGI) හි කළමනාකාර අධ්‍යක්ෂක සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ලොකුආරච්චි මහතා සඳහන් කළේය. වැඩිදුරටත් පැවසූ ලොකුආරච්චි මහතා සඳහන් කළේ ‘‘ඔරකල් ක්ලවුඞ් ERP අපට නියාමන අවශ්‍යතාවන්ට අනුකූලව කටයුතු කිරීමට පමණක් නොව අපගේ අසමාන ක‍්‍රියාවලීන් ඒකාබද්ධ කිරීමට ද උපකාරී වනු ඇත. මෙමඟින් මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ට ආවේණික වූ නව විසඳුම් ලබා දීමට ඉඩ සලසයි.’’ යනුවෙනි.

ඔරකල් ක්ලවුඞ් ERP සිය ජීවිත රක්ෂණ නිෂ්පාදනයන් හි මූලික යෙදවුම ලෙස යොදා ගනිමින් HNB ඇෂුවරන්ස් සමාගමට දැන් වැඩි වශයෙන් ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීමට සහ ශ්‍රී ලංකාව පුරා සිය සේවාවන් පුළුල් කිරීමට හැකිය. නව ක්ලවුඞ් තාක්ෂණය මඟින් මූල්‍ය විසඳුම් ස්වයංක‍්‍රීය කිරීම හා උසස් දත්ත විශ්ලේෂණය තුළින් තීරණ ගැනීම වැඩිදියුණු කිරීම යන කරුණු මඟින් තොරතුරු තාක්ෂණ සංකීර්ණතාව අඩු කිරීමට සහ සේවක ඵලදායීතාවය ඉහළ නැංවීමට රක්ෂණ සැපයුම්කරුට හැකි වී ඇත.

‘‘ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත‍්‍රය පරිවර්තනය කිරීම සඳහා වන HNB ඇෂුවරන්ස් හි දායකත්වයට සහයෝගය දැක්වීමට ලැබීම ගැන අප සතුටු වනවා’’, යනුවෙන් ඔරකල් හි ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා යෙදවුම් අංශ ප‍්‍රධානී, ^Head of Applications – Sri Lanka and the Maldives at Oracle) නලින් සිකුරාජපති මහතා පැවසුවේය. ‘‘නවීන ක්ලවුඞ් විසඳුම් මඟින් කෘතිම බුද්ධිය, යාන්ත‍්‍රික ඉගෙනීම, චැට් බොක්ස්, ක‍්‍රියාවලි ස්වයංක‍්‍රීයකරණය සහ තවත් බොහෝ තාක්ෂණයන්ට පහසු ප‍්‍රවේශයක් ලබා දීමෙන් ව්‍යාපාර ක‍්‍රියාත්මක වන ආකාරය වෙනස් වනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Oracle PartnerNetwork හි ප්ලැටිනම් සාමාජිකයෙකු වන MillenniumIT ESP මගින් HNB ඇෂුවරන්ස් සඳහා ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *