අමෙරිකාවේ ෆොක්ස් නිළි නායා රිවේරා මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ ෆොක්ස් රූපවාහිනී නාලිකාවේ සුප්‍රසිද්ධ ග්ලී ක්ලබ් මාලා නාටකයේ චරිතයක් නිරූපණය කළ නායා රිවේරා නම් නිළියක් කැලිෆෝනියාවේ විලක ඔරු පැදීමට ගොස් සිටියදී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත.

33 හැවිරිදි නිළියගේ මෘත දේහය හමු වී ඇති අතර ඇයගේ සිව් හැවිරිදි දරුවා තනිවම බෝට්ටුවේ නිදාගෙන සිටියදී සොයාගෙන ඇතැයි පොලීසිය අනාවරණය කරයි.

කිමිදුම්කරුවන් සෝනාර් උපකරණ යොදාගෙන ඇයගේ සිරුර සොයාගෙන ඇත්තේ සඳුදා (13) වේ.

ග්ලී ක්ලබ් මාලා නාටකයේ චියර්ලීඩර් සැන්ටානා ලෝපස් නම් ඇය නිරූපණය කළ චරිතය ඉතා ජනප්‍රිය වී ඇත.

මෘත දේහය ඇයගේම බවට සැකයක් නැති බවත්, කිසියම් හෝ වැරැදි ක්‍රියාවක් සිදු වී ඇති බවට හෝ ඇය සියදිවි නසාගෙන ඇති බවට සාක්ෂි නොමැති යැයි ද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත් වූ පොලිස් ශෙරීෆ් බිල් අයුබ් පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *