ඉන්දියාවේ කුසිනාරා ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ කුෂිනගර් (කුසිනාරා) ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සභාපතිත්වයෙන් යුත් ඉන්දියානු මධ්‍යම කැබිනට් මණ්ඩලය උත්තර් ප්‍රදේශ් හි කුෂිනගර් ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අනුමැතිය ලබා දී තිබේ.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන පූජනීය ස්ථාන හතරෙන් එකක් ලෙස සැලකෙන කුෂිනගර් (කුසිනාරාව) බුදුරජාණන් වහන්සේ ‘පරිනිර්වානය’ කළ ස්ථානය ලෙස විශ්වාස කෙරේ. 05 වන සියවසේ සිට මහපරිණිර්වානා විමාරස්ථානයේ ස්ථාපිත බුදුන් වහන්සේගේ අතිවිශාල පිළිමයක් මේ සඳහා සාක්‍ෂි දරයි. බුදුරජාණන් වහන්සේගේ ආදාහනය කරන ස්ථානය ලෙස මුලගන්ධ චෛත්‍යය ලෙසද හැඳින්වෙන රාමබාර් ස්ථූපය පිහිටා ඇත්තේ මහපරිණිර්වානා විහාරස්ථානය අසල ය.

කුෂිනගර් දිස්ත්‍රික්කයේ තවත් ආරාම හා බෞද්ධ සංස්කෘතික ස්ථාන රාශියක් ඇත. කුෂිනගර් ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් බෞද්ධ බැතිමතුන්ට, ඉතිහාසඥයන්ට හා සංස්කෘතික කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට, කුෂිනගර් පමණක් නොව, ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන වන ලුම්බිණි, කපිලවස්තු සහ ශ්‍රාවස්ති වැනි ස්ථාන ද ගවේෂණය කිරීමට අවස්ථාව සැලසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *