කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,665ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –ශි‍්‍ර ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2665 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඉන් සුවය ලැබූ සංඛ්‍යාව 1988 කි. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ කොරෝනා ආසාදිතයන්ගේ සමීපතමයන් සහ ආශි‍්‍රත කාණ්ඩ හතරක් දක්වා මේ වනවිට නිරෝදායනයට යොමු කර තිබේ.

එම මධ්‍යස්ථානයට සම්බන්ධ ආශි‍්‍රතයන් සොයා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් කි‍්‍රයාත්මකයෙ. බාහිර සමාජයෙන් වාර්තා වන රෝගීන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සෑම විටම ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 365 දෙනෙකු අද (15) මධ්‍යස්ථානවලින් පිටත්ව යනු ඇත. මේ වනවිට මධ්‍යස්ථාන 58 ක නිරෝධායනය වෙමින් සිටින සංඛ්‍යාව 7119 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *