නව නාවික හමුදාපති ජනපති හමු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

නිශාන්ත උළුගේතැන්න මහතා ශ්‍රී ලංකාවේ 24 වැනි නාවික හමුදාපතිවරයා ලෙස ඊයේ පත්වීම් ලැබීය.

ධූරයට පත්වීමෙන් පසු නව නාවික හමුදාපතිවරයා සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිතුමා හමු වූ අතර ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වූයේය.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා 1985 වසරේදී ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට එක්විය. 1987 වසරේ දි උප ලුතිනන්වරයෙකු වශයෙන් අධිකාරියට පත් උළුගේතැන්න මහතා 2015 වසරේදී රියර් අද්මිරාල් ධූරයට පත් කෙරිණ.‍

නව පදවියට පත්වීමට පෙර උළුගේතැන්න මහතා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධූරය හෙබවීය. ඔහු නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් ද සේවය කර ඇත.

නිශාන්ත උළුගේතැන්න මහතා රණශූර, විශිෂ්ට සේවා විභූෂණ, උත්තම සේවා ආදි පදක්කම් රුසකින් පිදුම් ලබා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *