විභාග දෙපාර්තමේන්තුවේ එක් දින – සාමාන්‍ය සේවා කවුළු තාවකාලිකව වැසේ

(කොළඹ, ලංකාපුවත්) –සෞඛ්‍යාරක්ෂිත හේතූන් මත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ එක් දින හා සාමාන්‍ය සේවා කවුළු නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

එම කවුළු අද (15) දින සිට තාවකාලිකව වසා දමා ඇත.

සහතික පත්‍ර ලබා ගැනීමට අවශ්‍ය අයදුම්කරුවන් සඳහා, මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ හා විද්‍යුත් තැපෑල මඟින් අයදුම් කර පැය 48ක් ඇතුළත සහතික පත්‍ර නිවසට ම ගෙන්වා ගැනීමේ පහසුකම් සලසා ඇති බවද අමාත්‍යාංශය පැවසීය.

වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් හෝ 0112784323 දුරකථන අංකය ඔස්සේ සහතික පත්‍ර ශාඛාව ඇමතීමෙන් හෝ ක්ෂණික දුරකථන අංක 1911 ඇමතීමෙන් ලබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *