ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ 10 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන තිස්පන්දහස් හාරසිය හැට අට ඊයේ (16) වාර්තා වූ බව ඉන්දීය බලධාරීන් සදහන් කරයි.

ඒ සමගම එරට සමස්ථ වෛරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවා ඇත. ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව ද විසිපන්දහස ඉක්මවා තිබේ.

ඉන්දියාවේ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 1,005,760 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත මරණ ගණන 25,619 ක් බව සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + four =